බැසිලුයි ගෝඨායි මට කෙනිත්තුවා – මේවා කියලා මගේ ජිවිතය නැතිවෙන්නත් පුළුවන්

“මට පහුගිය කාලයේ ගෞරවනීය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂත් කෙනිත්තුවා“ යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (17) පැවසීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහත්වරුන්ට විරුද්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ පසුගිය රජය සමයේ සිදුවුයේ යැයි කියන අපරාධ ගැන තොරතුරු රැසක් එහිදී බාරදුන් බවයි.

Continue reading බැසිලුයි ගෝඨායි මට කෙනිත්තුවා – මේවා කියලා මගේ ජිවිතය නැතිවෙන්නත් පුළුවන්

පවුල් පාලනය ගැන නාමල් මෙසේ කියයි

තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති බැඳීම හේතුවෙන් යුද්ධය පවා ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එන්.ඩී.ටී.වී.රූපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී නාමල් රාජප්කෂ මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

මෙහිදී එන්.ඩී.ටී.වී. මාධ්‍යවේදියා විමසා ඇත්තේ පවුල් පාලනය හේතුවෙන් මෙවර ජනාධිපතිවරණය පරාජයට පත්වූයේද යන්නයි.

Continue reading පවුල් පාලනය ගැන නාමල් මෙසේ කියයි